සටහන – 2020 නොවැම්බරයේ ප්‍රකාශයට පත් කරන ලද නමුත් අනුක්‍රමික අරමුණු සඳහා යල් පැන ඇත.

මෙම සටහන මින්මැදුරෙ Marine Conservation Action Fund (MCAF) විසින් සහාය දක්වන ව්‍යාපෘති මාලාවෙන් එක් ව්‍යාපෘතියකි . MCAF හරහා, මින්මැදුර, ලොව පුරා සිටින පර්යේෂකයන්ට, සංරක්‍ෂකයන්ට සහ බිම් මට්ටමේ සංවිධානවලට සාගරය මුහුණ දෙන අභියෝගාත්මක ගැටළු සදහා විසඳුම් සොයා ගැනීමට සහයෝගය දක්වයි.

ඕෂන්ස්වෙල් යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන ලාභ නොලබන සංවිධානය වන අතර එය ආරම්භ කරන ලද්දේ MCAF සාමාජික සහ සුප්‍රසිද්ධ නිල් තල්මසුන් විද්‍යාඥය ආචාර්ය ආශා ද වොස් විසිනි. ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවන්ට ගෝලීය වසංගතයේ බලපෑම අවබෝධ කර ගැනීම සඳහා ආශා සහ ඕෂන්වෙල් කණ්ඩායම විසින් මෙහෙයවන ලද කාලෝචිත ව්‍යාපෘතියකට මෑතකදී MCAF සහාය විය. COVID-19 වසංගතය හේතුවෙන් ධීවර ප්‍රජාව මුහුණ දෙන අනතුරු,, ශ්‍රී ලංකා රජය මෙම ප්‍රජාවන්ට දැක්වූ සහයෝගය සහ මෙය ඔවුන්ගේ ජීවිතවලට බලපෑ ආකාරය තේරුම් ගැනීමට කණ්ඩායම විශේෂයෙන් කටයුතු කළේය. දේශීය ශිෂ්‍යයන් සම්බන්ධ කර ගැනීමෙන් මෙම ව්‍යාපෘතිය ඊළඟ පරම්පරාවේ දේශීය සාගර වීරයන්ට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට උපකාරී විය. මෙම කොටසෙහි කතුවරුන්, ඕෂියන්ස්වෙල් හි වැඩසටහන් නිලධාරි, නාඩියා අස්මි සහ සීමාවාසික අර්පානා ගිරිතරන්, ආරක්ෂක ක සහ ඇඳිරි නීතිසීමා කිරීම් වලට මුහුණ දෙමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා වැඩ කළ අත්දැකීම් ගැන කතා කරති.

Click here for the English translation.
தமிழ் மொழிபெயர்ப்புக்கு இங்கே கிளிக் செய்க.

සැකසුම: Oceanswell ආයතනය වෙනුවෙන් නාඩියා අස්මි සහ අර්පනා ගිරිතරන්
සිංහල පරිවර්තනය: – W. D. G. එරන්ගා සහ ෂාලංක රංජුල

කොවිඩ්-19 හි ව්‍යාප්තිය වර්ධනය වීමත් සමගම මාර්තු මස මැද භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ සංචරණ සීමා පණවන ලදී. මෙම කාල සීමාව තුළ සමුද්‍රිය පරිසර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යයන යන සංවිධානයක් වශයෙන් අපි නිතර නිතර සබඳතා පවත්වනු ලබන දේශීය කුඩා පරිමාණ ධීවර ප්‍රජාවට සිදුව ඇති බලපෑම පිළිබඳව සොයා බැලීම සඳහා වඩාත් උත්සුක වූයෙමු. ඒ සඳහා අපි, මෙරට තුළ සංචරණ සීමා මෙන්ම අඳිරිනීතිය පැණවූ අවධියෙහි, මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම හා අවශ්‍ය සැළසුම් සකස් කිරීම සිදු කළෙමු. ජුනි මස සංචරණ සීමා ඉවත් කළ විගස මෙම වැදගත් කර්තව්‍ය ආරම්භ කිරීම සඳහා අපට ඉඩකඩ සැළසුණි. එහිදී අපි, මත්ස්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන භූමිකා වන ධීවරයින්ට, සැපයුම්කරුවන්ට සහ වෙළෙන්දන්ට මෙම කාලය තුළ ඇතිවූ බලපෑම පිළිබඳ දීපව්‍යාප්ත විමර්ශනයක් කළෙමු.

Antony interviews a processor in Pallikuda, Kilinochchi located off the northern coast of Sri Lanka.

ඇන්ටනි ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ඔබ්බෙන් පිහිටි කිලිනොච්චි/ පල්ලිකුඩා හි ධීවර කාන්තාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන අයුරු. ඡායාරූපය ඇන්ටනි සන්තෝශ්/Oceanswell

ශ්‍රී ලාංකීය වෙරළ තීරය 1340 km ක පමණ දුර ප්‍රමාණයක් දක්වා විහිදෙන අතර එහි ප්‍රතිඑලයක් වශයෙන් අපගේ ධීවර ප්‍රජාවන් භූගෝලීය වශයෙන් මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ද විවිධාකාර වෙති. විවිධ ධීවර ප්‍රජාවන්ගේ නියෝජනය සහතික කිරීම සඳහා මෙම ව්‍යූහගත සමාජ, ආර්ථික සමීක්ෂණය ප්‍රදේශ 14 ක වෙසෙන ධීවර ක්‍රියාකාරීන් 415 ක් සමීක්ෂණයට ලක් කරමින් සැලසුම් කෙරිණි. මෙම අධ්‍යයනයේ මූලික පරමාර්ථය වූයේ ධීවර ප්‍රජාව කෙරෙහි කොවිඩ්-19 හි බලපෑම අවබෝධ කර ගැනීමයි. මෙම ප්‍රජාව තුළ වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල බැවින් අපගේ සමීක්ෂණයේ තුනෙන් එකක් කාන්තා ධීවරයන් ඉලක්කගත කොට ඇත.

A virtual training session held on Zoom.

Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ පුහුණු සැසියක්. ඡායාරූපය/Oceanswell

අපගේ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණ සහායකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඔවුන්ගේන් සමහරු ධීවරයෝ වූහ. අපගේ ව්‍යාපෘතියේ ප්‍රමාණය සහ අන්තර් පළාත් අතර සංචරණ සීමා නිසා සමීක්ෂණ කාලය තුළ කිසිවිටෙකත් අපට අපගේ පරීක්ෂණ සහායකයන් සියලු දෙනා මුණගැසීමට අවස්ථාව නොලැබුණි.කෙසේවෙතත් අන්තර්ජාලය හරහා ඔවුන් බඳවා ගැනීමෙන් හා දැඩි පුහුණුවක් අපගේ කණ්ඩායමට ලබා දීම තුලින් අප මෙම බාධක තරණය කළෙමු. සමාජ ආර්ථික සමීක්ෂණයන් පැවැත්වීමේදී රැස් කරන ලද දත්ත වල අවංකභව සහ ප්‍රයෝජනවත්භාවය සහතික කරගැනීම සඳහා මනා හැකියාවක් සහ ඉවසීමක් අවශ්‍ය හෙයින් පරීක්ෂණ සහායකයන් පුහුණු කිරීම ඉතාම වැදගත් විය. එම නිසා සබඳතා හා විශ්වාසය ගොඩනැගීම සඳහා කාලය වැය කිරීමේ වටිනාකම අවතක්සේරු කළ නොහැක.

දිවයින පුරා විසිරී සිටින කණ්ඩායම් සාමාජිකයන් අතර යහපත් මානසිකත්වයක් පවත්වාගෙන යාම සඳහා අප අන්තර්ජාලය හරහා විධිමත් සැසි සංවිධානය කළෙමු. මෙයින් ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග එකිනෙකා සමඟ බෙදාගැනීමට ඔවුන්ට හැකි විය. මෙමඟින් සම මිතුරන් සමඟ ගැටළු විසඳීමට ද ඔවුන්ට අවස්ථාව සැපයිනි.

Mujas interviews a processor as she separates the shells of clams in Mutur, located on the East coast of Sri Lanka.

මුජාස් විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි මුතූර් ප්‍රදේශයේ ධීවර කාන්තාවක් සමීක්ෂණය කරන අතරතුරදී ගත් ඡායාරූපයක්. ඇය බෙල්ලන්ගේ කට්ට ඉවත් කරමින් සිටී. ඡායාරූපය: මොහොමඩ් මුජාස් /Oceanswell

කණ්ඩායමේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සැළකූ අපි, ඔවුන් මුහුණ දෙන අවදානම් තත්වය පිළිබඳව නිරතුරුව තක්සේරු කළෙමු. ඔවුන්ට අවශ්‍ය මුහුණු ආවරණ සැපයීම, අත් වැසුම් සැපයීම සහ අවශ්‍ය පූර්වාඅරක්ෂක උපායන් පිළිබඳව දැනුවත් කීරීම මෙන්ම සමීක්ෂණය සඳහා ඔවුන්ට අවශ්‍ය අනෙකුත් දෑ සපයා දීමද සිදු කෙරුණි. අපගේ කණ්ඩායම ඉතාමත් යුහුසුළුව, අදාල ධීවර පාර්ශව සමග සමීප වෙමින්, ඔවුන්ට පුරුදු භාෂාව භාවිතා කරමින් (සිංහල හෝ දමිල) කාර්යක්ෂම ලෙස සමීක්ෂණය සිදු කරන ලදී. අපගේ සමීක්ෂණ කණ්ඩායමේ සාමාජික සාමජිකාවන් හට එක් එක් ප්‍රදේශයන්හි ධීවර ප්‍රජාව සමග හැඳුණුම්කම් තිබුණු අතර, එනිසාම ඔවුන් ලබාගත් දත්ත වල විශ්වාසදායක බව සහතික කිරීමටත්, කෙටි කාලයක් ඇතුලත සමීක්ෂණය සිදු කිරීමටත් අපට හැකි විය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින්, සෑම වෙරළ තීරයකින්ම දේශීය වීරයෙක් සෑදීම යන අරමුණ සාක්ෂාත් කරගැනීමට ද හැකි විය.

Thamiliny takes notes as she speaks to a coastal fisher in Mathagal, Jaffna.

යාපනයේ මාතාගල්හි වෙරළබඩ ධීවරයෙකු සමඟ කතා කරන විට තමිලිනි සටහන් තබන අයුරු. ඡායාරූපය: තමිලිනි කනේෂලිංගම් / Oceanswell

මේ වන විට මෙම ව්‍යාපෘතියට තෙමසක් සම්පූර්ණ වන අතර, අප මේ වන විට පසු වන්නේ දත්ත විශ්ලේෂණය කෙරෙන අවධියේය. මෙම සමීක්ෂණය අතරතුරදී අපට ලැබුණු අභියෝග සහ සීමාවන් මගින් ලබාගත් අත්දැකීම් හරහා අප උගත් දෑ බොහෝය. ධීවර ප්‍රජාවට ඇති වූ බලපෑම් මෙයින් අපි උගත් එක ඉතා වැදගත් දෙයකි. වයිරසය තවමත් අප අතර පවතින අතර, අනාගතයේදී ද පැවතිය හැකි බව පූර්වේක්ෂණය කළ හැක. එනිසා මෙවන් ව්‍යාපෘතියක්, ඉදිරියේද පැවතිය හැකි එවන් තත්වයන්ට ඔරොත්තු දීමටත්, එවන් තත්වයන්ට එරෙහිව ක්‍රියාකිරීමට හැකි ධාරිතාව ඇති කිරීමටත් මහත් රුකුලක් වේ.

අවසාන වශයෙන් අපගේ මෙම කාලෝචිත මෙන්ම වැදගත් අධ්‍යයනයෙහි දැක්ම යථාර්තයක් කර ගැනීමට දායක වූ New England Aquarium Marine Conservation Action අරමුදලට අපගේ විශේෂ ස්තූතිය අපි පුද කර සිටිමු. මීට අමතරව අපගේ සංවිධානයේ ප්‍රාරම්භක, ආචාර්ය ආශා දි වෝස්, ෆීජි හි වනජීවී සංරක්ෂණ සංගමයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා මෙන්ම අප ව්‍යාපෘතියෙහි සහකාරක ලෙස ක්‍රියා කළ ආචාර්ය සංගීතා මංඝුබයි යන මහත්මීන් හට ද ඔවුන් අපට කළ මග පෙන්වීම උදෙසා ස්තූති වන්ත වෙමු. ව්‍යාපෘතියෙහි දත්ත රැස් කිරීමෙහි අදියර සඳහා මහඟු ලෙස දායක වූ ජගතේෂ්වරී එහම්පරම් ගුණසිංහම් මහ්ත්මියටත් දහහතරකින් යුත් අපගේ සමීක්ෂණ කණ්ඩායමේ සාමාජික සාමජිකාවන් වන, කෞශල්‍යා බාලසූරිය, දිලිනි ගමගේ, මනුජ හැන්දවිතාරණ, ඉෆ්ලාල් ඉලයාස්, තමිලිනි කනේෂලිංගම්, මොහොමඩ් මුජාස්, කජන්තිනි රාජනලේන්ද්‍රන්, ෂාලංක රංජුල, රිෆ්දා රිස්වාන්, ඇන්තනී සන්තූෂ්, සරන්‍යා සින්නතුරයි, සතියවකීස්පරන් සිවන්තන්, අබිලගිනි වික්‍රමන් සහ මුත්තුලිංගම් යුහිංතන් යන අය සඳහාත් අපි විශේෂ ස්තූතිය පුද කර සිටිමු.